අවුන් සාන් සුකී 05ස් වසරකට සිපිරිගෙට

අවුන් සාන් සුකී 05ස් වසරකට සිපිරිගෙට

මියන්මාරයේ අධිකරණයක් මගින්, එරට හිටපු නායිකා අවුන් සාන් සුකී දූෂණය ඇතුළු චෝදනාවලට වැරදීකරු කරමින් වසර 05ක සිර ඳඩුවමක් ලබා දීමට තීරණය කර තිබේ.

2021 පෙබරවාරි මාසයේ හමුදා කුමන්ත්‍රණයකින් බලය ලබාගත් එරට හමුදා ප්‍රධානීන් විසින් ඇයව බලයෙන් පහකිරීමත් සමඟ ඇයට දූෂණ චෝදනා කීපයක් සම්භන්ධයෙන් නඩු ගොනු කරණ ලදි.

වයස අවුරුදු 76ක් වන අවුන් සාන් සුකී මේ වනවිට නිවාස අඩස්සියේ පසු වේ.

Facebook
Twitter
LinkedIn