ආණ්ඩු පක්ෂයේ ස්වාධීන වූ මන්ත්රීවරු 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද විපක්ෂයේ අසුන් ගත්හ.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්, හිටපු ජනාධිපති ශ්රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්රීපාල සිරිසේන මන්ත්රීවරයා සඳහන් කර සටියේ තම කණ්ඩායම කටයුතු කරන්නේ විපක්ෂ නායකගේ කණ්ඩායමක් ලෙස නොව විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස බවය.
“දිනෙන් දින ජනතාව කෝපයට පත්වී තිබෙන ප්රමාණය වැඩිවෙනවා. තරුණයන්ගෙ සටනට අප සුබ පතනවා. ඒ සටන සාධාරණ බව අප කියනවා.
ප්රශ්නවලට විසඳුම් සෙවිය යුත්තේ පාර්ලිමේන්තුවේයි. ඊට සුදුසු වැඩපිළිවෙලකට අප යා යුතුයි. ශ්රී ලංකා නිදහස් පක්ෂය ලෙස අප විසිවන සංශෝධනය අහෝසි කළ යුතු බවත් සංශෝධන සහිතව දහනවවන සංශෝධනය බලාත්මක කළ යුතු බවත් කියනවා”යනුවෙන් ද මෛත්රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.
Views: 0









