මොහොමඩ් අලි සබ්රි අත්දැකීම් බහුල මුදල් ඇමතිවරයෙක්ලු

ඊයේ (18) ඇමති මණ්ඩලය පත් කිරීමෙන් පසුව ජනාධිපතිවරයා කළ ප්‍රකාශයේදී මොහොමඩ් අලි සබ්‍රි අත්දැකීම් බහුල මුදල් ඇමතිවරයෙක් බව ප්‍රකාශ කළේය.

අලි සබ්රි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් තේරීපත්වූ පළමු අවස්ථාවේදීම අධිකරණ අමාත්‍ය ධුරයේ ලබා දුන් අතර මහජන විරෝධය හමුවේ මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වූ බැසිල් රාජපක්ෂ වෙනුවට ඔහුට එම අමාත්‍ය ධුරය පිරිනැමීය.

ආණ්ඩුව මුහුණදුන් අභ්‍යන්තර අර්බුදය හමුවේ අලි සබ්රි ද පැය 24ක් ගත වීමට පෙර එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දී තිබිණි. එහෙත් ඔහු එය බාර නොගත් බැවින් මුදල් ඇමති ධුරයේ දිගටම රැඳී සිටී.

Facebook
Twitter
LinkedIn