ආණ්ඩුවෙන් ස්වාධීන වූ බවට ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරයෙකු අද (18) යළි ආණ්ඩුව හා එක් වී තිබේ.
මෙසේ එක් වී තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන්ය. ඔහු අද ආණ්ඩුව හා එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී ඇත. ඒ, අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති ලෙසය.
ඔහු මීට දින 11කට පෙර ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරයෙන් ඉවත් වන ලෙසට සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රසිද්ධියේ සටහනක් යොදා තිබිණි.
එම ෆේස්බුක් පිටුවෙහි තැබූ සටහනෙහි දැක්වෙන්නේ, “ජනපති තුමනි, (ඔබේ සේවයට ස්තුතියි) හැකි ඉක්මනින් භාරකාර ආණ්ඩුවක් පිහිටුවා ඉල්ලා අස්වෙන දවස දන්වන්න,” යනුවෙනි.
මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ශාන්ත බණ්ඩාරද රාජ්‍ය ඇමති ධුරයක් ලබා ගනිමින් ආණ්ඩුව හා එක් විය.

Views: 0









