අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී සහ ගෘහස්ථ උත්සව අවස්ථාවලදී හැර මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන පවසයි.
කොවිඩ්-19 වසංගත තත්වය පැතිරීම බොහෝ දුරට පාලනය වී තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් පවසයි.
ඔහු සෞඛ්‍ය කැබිනට් ඇමතිව ලෙස දිවුරුම් දුන්නේ අද පෙරවරුවේය.
Views: 0









