ආණ්ඩු විරෝධි උද්ගෝෂකයින් පවත්වාගෙන යන ගෝඨාගෝ ගම වෙත ඊයේ (14) පැමිණි පොලිස් නිලධාරියෙකු තම හෘදය සාක්ෂියේ හඬ අවදි කිරීම සම්බන්ධයෙන් චූදිතයෙකු කර අත්තඩංගුවට ගෙන තිබේ.
එම පොලිස් නිලධාරියා දූෂිතයෙකු බව පොලිස් මූලස්ථාන නිවේදනයක දක්වා ඇති අතර ඔහුව පොලිසියෙන් අත්තඩංගුවට ගෙන වරාය පොලිසිය වෙත ගෙන ගොස් ඇති බව අනාවරණය වේ. මෙසේ අත්තඩංගුවට ගෙන ඇත්තේ පොලිස් සැරයන් ඩබ්ලිව්. එන්. සමරදාස ය.
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය ආසන්නයේ පසුගියදාක පැවති ආණ්ඩු විරෝධි උද්ගෝෂණයක් මැදට කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායම පලවා හැරීමට ද පොලිසිය ක්‍රියාකර තිබිණි. එම පොලිස් නිලධාරීන්ට දඬුවම් පමුණුවන ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සහ යුද හමුදාපතිවරයා පොලිස්පතිවරයාට නියෝගකර තිබුණද ඊට එරෙහිව දැවැන්ත මහජන මතයක් ගොඩ නැගිණි.
මේ ආකාරයෙන් පොලිස් නිලධාරීන් තමන්ගේ හෘදය සාක්ෂිය අනුව ක්‍රියා කිරීමට පෙරට එන බව මෑතක සිට නිරීක්ෂණය වේ.
ඡායා – Lankasara










