ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කරන පිරිස අතරට ප්‍රවීන ගායන ශිල්පිනී නන්දාමාලනිය සහ මහාචාර්ය සුනිල් ආරියරත්න ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් පිරිසක් සහභාගී වූ අතර ඔවුන්ගේ සියලු ප්‍රනාමයක් අරගලකරුවන්ට පුදකරනු ලැබීය.
මෙහිදී නන්දාමාලනී පවන ගීත සජ්ඡායනයේ කොටසක් ගායනා කළ අතර මාධය අදහස් දක්වමින් විශේෂ ප්‍රකාශයක් කළාය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ද ප්‍රකාශයක් කරමින් ජනතාවගේ දුක දැක සතුටුවන ආණ්ඩුවක් තමන් මින් පෙර දැක නැති බව සඳහන් කළේය.
මෙම අවස්ථාවට ප්‍රවීන කිවිවර බුද්ධදාස ගලප්පපත්ති සහ ප්‍රවීන රංගනශිල්පිනී ස්වර්ණා මල්ලවආරච්චි තවත් ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් ඉට එක් වී සිටියහ.




Views: 0










