විදේශ ණය ආපසු ගෙවීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි…

ශ්‍රී ලංකාවෙන් රාජ්‍ය හෝ පෞද්ගලික යන දෙයංහයෙන්ම විදේශයන්ට ගෙවිය යුතු ණය වාරික ගෙවීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය ක්‍රියාකාර ඇත.

මීට අදාල නිවේදනය අද (12) ශ්‍රි ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ. මේ වනවිට මූල්‍ය තොරතුරු විශ්ලේෂකයන් පෙන්වාදෙන්නේ මෙම තීරණය මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව ඒකාබද්ධව සැලසුම්සහගතව එකඟවූවක්දැයි හෙළි නොවන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමේ අපේක්ෂාව මත පෙර සූදානමක් ලෙස ණය වාරික ආපසු ගෙවීම මෙලස අත්හිටුවා ඇත.

මෙය සැලසුම්ගහගතව සිදු නොකර මුදල් අමාත්‍යාංශය තනි මතයක සිට ක්‍රියාත්මක කර ඇත්නම් එය තවදුරටත් ආර්ථිකය දරුණු තත්වයකට පත් කිරිමේ ප්‍රබල පියවරක් වනු ඇති බව මූල්‍ය විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

Facebook
Twitter
LinkedIn