අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණය පහසුකමක් ඉල්ලා ඇතිබව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ අදාළ කරුණ පාර්ශව දෙකක් විසින් තහවුරු කළ බවය.
පසුගිය 2020 වසරේ ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලංකාව සතු විදෙස් විනිමය සංචිත 70%කින් පමණ පහළගොස් ඇති බව සඳහන් වෙයි.
එම හේතුවෙන් මේ වනවිට ඩොලරයට සාපේක්ෂව රුපියල පාවීමට ඉඩහැර ඇති අතර එබැවින් රුපියල දැඩි ලෙස බාල්දු වෙමින් පවතී.
අද එහි අගය ඩොලරයට සාපේක්ෂව රුපියල් 300ට ආසන්නව ඇති බව මූල්‍ය වෙළෙඳපොළ වාර්තා පෙන්වාදෙයි.
1










