දැඩි කඩදාසි හිගය සහ අසීමිත ලෙස මුල ඉහළ යාම නිසා විශේෂයෙන්ම පුවත්පත් මුද්‍රණය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සිදුවන තත්වයක් පවතින අතර හෙට නිකුත් කිරීමට තිබුණු දිවයින පුවත්පත නිකුත් නොකරණ අතර ලේකස් හවුස් ප්‍රකාශනයක් වූ සරසවිය පුවත්පතේ පසුගිය කලාපය අත්හිටුවා තිබිණි.
පුවත්පත් මෙවැනි දැඩි අනතුරකට පත් කෙරෙන ක්‍රියාමාර්ග ආණ්ඩුව විසින් අනුගමණය කන බව ලංකාටෘත් පසුගිය ඔක්තෝබර් 11 වන දින “අය-වැයෙන් පත්තර කම්බස් කරයිද?” යන සිරස්තලය යටතේ මුලින්ම අනාවරණය කෙරිණි.
ඉන් පසුව අන්තර්ජාල ප්‍රවෘත්ති වෙබ්අඩවි ගණනාවක් එය උපුටාගෙන තිබුණත් කිසිදු පුවත්පතක් ඒ කෙරෙහි අවධානය යොමු කර නොතිබිණි. නමුත් මේ මොහොත වනවිට සියලුම පුවත්පත් පවත්වාගෙන යාම දැඩි අර්බුදකට ලක් වී තිබේ. ඒ සේම සමස්ත මුද්‍රණ කර්මාන්තයම බිඳවැටෙමින් පවතින අතර පාසල් ශිෂ්‍යයන්ගේ වාර විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීමට පවා නොහැකි වී තිබේ. එමෙන්ම විදුලි බිලපත්, ජල බිල්පත් සුපිරි වෙළඳසැල්වල බිල්පත් නිකුත් කිරීමට නොහැකි තරමට ප්‍රශ්නය අතිශය බරපතල වී ඇත.










