පසුගිය පෙබරවාරි මස අවසන් වෙන විට මෙරට උද්දමනය 17.5% බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේනතුවේ දත්ත අනුව මහ බැංකුව විසින් නිවේදනය කළ ද එහි ඇත්ත අගය 49%ක් වෙන බව ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හෑන්ක් ප්‍රකාශ කර තිබේ.
මේ බව හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන ඊයේ (24) රාත්‍රියේ සිරස රූපවාහිනියේ පැවති මාවත වැඩ සටහනට එක් වෙමින් හෙළි කළේය. ඇමරිකානු ජාතිකයෙකු වන ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් මෙම නිගමනය සඳහා මූලික පදනම් කිහිපයක් යොදා ගෙන තිබේ.
එම පදනම් වන්නේ මෙරට තුළ මුදල් සැපයුම විශාල වශයෙන් ඉහල දැමීම, කළු කඩය තුළ ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටී තිබීම, භාණ්ඩ හිඟය සහ පෝලිම් නිර්මාණයවීම යන සාධකවලින් භාණ්ඩ හා සේවා මිල ඉහල යාම කෙරෙහි ඍජුව සහ වක්‍රව සිදු කරන බලපෑම ගණනය කිරීමෙන් ය.
මේ අතර මෙරට නිල සංඛ්‍යාලේඛන අනුව වුව ද ආහාර සඳහා පවතින උද්දමනය 25% ඉක්මවා ගොස් තිබේ.










