ඉන්දියාවට සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයන් – 16ක් තමිල්නාඩුවේදී අත්අඩංගුවට

ඉන්දියාවට සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයන් – 16ක් තමිල්නාඩුවේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සහ රටේ පවතින ආහාර හිඟය හේතුවෙන් පළමු ශ්‍රී ලංකා සරණාගත කන්ඩායම තමිල්නාඩු වෙරල තීරයට පැමිණ ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්ථා කරයි.

ශ්‍රී ලාංකිකයින් 16 දෙනෙකු කන්ඩායම් දෙකකින් තමිල්නාඩුවට ඊයේ (23) පැමිණි බවත් ඔවුන් සියලු දෙනා යාපනය සහ මන්නාරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්ථා කරයි.

පළමු කණ්ඩායම ලෙස පැමිණි ළදරුවන් ඇතුළුව සරණාගතයින් 06 දෙනෙකු රාමේශ්වරන් වෙරළේ දූපතක් අසළ අතරමං වි සිටිය දී ඉන්දීය වෙරළ ආරක්ෂකයින් විසින් බේරාගනු ලැබ ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. එම සරණාගතයින් 06 දෙනා අතර අලුත උපන් මාස 4ක බිළිඳෙකු සහ අවුරුදු 06 සහ 09 වයස්වල පසුවන දරුවන් දෙදෙනෙකුද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්ථා කරයි.

එම දරුවන් දෙදෙනෙකුගේ මවක් වන 28 හැවිරිදි තියෝරි පවසා ඇත්තේ, “අපි දැනගෙන හිටපු ලංකාව නෙමේ දැන් තියෙන්නෙ. මම වැන්දබුවක් දරුවන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක්. මගේ දරුවන් හදාගන්න විදිහක් නෑහැ. අපිව මෙහාට ගෙනාපු අය නම් මන් දන්නේ නැහැ. අපි බෝට්ටුවේ නැග්ගා අලුත් ආරම්භයක් වෙනුවෙන්” යනුවෙනි.

මෙම පළමු කන්ඩායමේ සරණාගතයන් පොලීසියට පවසා ඇත්තේ ආහාර සෙවීමට සති ගණනක් දුක් විඳීම හේතුවෙන් ඉන්දියානු මුහුදු සීමාවෙන් අරිචල් මුනායි හතරවෙනි දූපතට තමන් ගෙනත් දැමීම සඳහා ධිවර බෝට්ටුවකට රුපියල් 50,000ක මුදලක් ගෙවූ බවයි.

ඔවුන් ඉන්දියා පොලිසියට පවසා ඇත්තේ ඉන්ධන හිඟය, ආදායමක් නොමැති වීම, ජීවත් වීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් වැනි තවත් පවුල් ඉන්දියාවට පැමිණිමට ක්‍රම සොයමින් සිටින බවයි. දෙවෙනි කණ්ඩායම ලෙස තමිල්නාඩු වෙරළ තීරයට සරණාගතයින් 10දෙනෙකු ඊයේ පැමින ඇති අතර ඉන් 08 දෙනෙකුගේ අනන්‍යතාවය තහවුරු කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්ථා කර ඇත.

එම සරණාගතයින් අතර කාන්තාවන් තිදෙනෙකු සහ ළමයින් 05ස් දෙනෙකුද සිටින බව ඉන්දීය බලධාරීන් තහවුරු කර ඇති බව ඉන්දීය මාධ්‍ය කියයි. ඉන්දියාවේ ප්‍රසිද්ධ පුවත් සේවයක් වන ඉන්දියන් එක්ස්ප්‍රස් වෙත අදහස් දක්වමින් තමිල්නාඩු පොලීසිය පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ විරැකියාව සහා ආහාර හිඟය හේතුවෙන් සරණාගතයින් මෙසේ ඉන්දියාවට පැමිනෙන බවයි. තමිල්නාඩුවේ බුද්ධි නිලධාරීන් අනාවරණය කරගත් තොරතුරු අනුව ඉදිරි සතිවලදී ශ්‍රී ලාංකික සරණාගතයන් තවත් 2000ක් පමණ ඉන්දියාවට පැමිණිමට ඉඩ ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්