කබ්‍රාල් පාර්ලිමේන්තුවට කැබිනට් බලය පෙන්වයි

කබ්‍රාල් පාර්ලිමේන්තුවට කැබිනට් බලය පෙන්වයි

පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවේ අද (24) දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය කරුණු දැක්වීමට නියමිතව තිබුණ ද අවසන් මොහොතේදී ෆැක්ස් පණිවිඩයක් එවමින් එයට සහභාගී නොවන බව දන්වා ඇත.

වර්තමාන මහබැංකු අධිපතිවරයා එම තනතුරට පත්වීමෙන් පසුව අතිශය දරුණු ආර්ථික කඩා වැටීම් සිදු වෙමින් තිබියදී මේ අකාරයෙන් පාර්ලිමේන්තුව මඟහැර සිටී. රුපියලයේ අගය පා කර හැරීමත් සමඟ මේ වනවිට ඩොලරය රුපියල් 300/- මට්ටමට නිල අනුපාතය ලඟා වෙමින් තිබේ. එහෙත් විදේශ රැකියා කරන්නන් සහ අපනයන වෙළඳාමේ යෙදී සිටින්නන් මේ වෙනවිටත් බැංකු ක්‍රමය හරහා ඩොලර් එවීමට පෙළඹී නැත.

මේ අතර පසුගිය කාලය පුරා ස්ථාපිත වූ කළු කඩ විනිමය වෙළඳපොල තවදුරටත් තහවුරු වෙමින් ඩොලරයක් සඳහා රුපියල් 325/- ඉක්මවූ මිලක් ගෙවමින් තිබේ. මෙවැනි පසුබිමක ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ඔහුට ලබාදී තිබෙන කැබිනට් බලතල යොදවමින් පාර්ලිමේන්තුව මඟහැර සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්