ගෝටාබයගේ විද්වත් කමිටුව ගෝටාබයව හතරඅතේ කරකවයි…

ගෝටාබයගේ විද්වත් කමිටුව ගෝටාබයව හතරඅතේ කරකවයි…

මේ වනවිට පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද විද්වත්කමිටුව ඊයේ 21 මූලික යෝජනා 05ක් ඉදිරිපත් කර ඇති අතර එයින් 4ක සඳහන් කර ඇත්තේ තවත් කමිටු පත් කිරීම සහ විශේෂඥයන් පත් කිරීම පිළිබඳවය.

විද්වත් කමිටුව ඉදිරිපත් කළ බව කියන එම යෝජනා 05 ජනාධිපති මාධ්‍ය අංශය විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත. “සැපයුම් අවහිරතා මඟහරවා ගනිමින් විශ්වාසය ඉහළ නැංවීමට අවධානය යොමු කිරීම.” යනුවෙන් සඳහන් විශේෂඥ උපදේසනය හැර අනිකුත් කරුණු 04ම තවත් කමිටු පත් කිරීම සහ විශේෂඥයන් හඳුනාගැනීමට යෝජනා කිරීම ආදියෙන් සමන්විතය.

ජනාධිපතිවරයා විසින් ආර්ථික සභාව නමින් ආණ්ඩුවේ ඇමතිවරුන් සහ එම අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විතව පත්කරන ලද සභාව පිළිබඳව බරපතල විවේචන එල්ලවූ පසුව මෙම විද්වත් උපදේශක කමිටුව පත්කරනු ලැබීය. ප්‍රකට ව්‍යාපාරිකයන් සහ සංවිධානවල නිලධාරීන් මෙම විද්වත් කමිටුවට පත්කර සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්