ඇමති ලොකුගේගේ රියදුරෙක්ව ඝාතනය කරලා…

ඇමති ලොකුගේගේ රියදුරෙක්ව ඝාතනය කරලා…

බලශක්ති ඇමති ගාමිණී ලොකුගේගේ ආරක්ෂක රථයේ රියදුරු පොලු මුගුරුවලින් සහ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කැස්බෑව, මාවිත්තර, ගම්මාන වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙකි.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නිවස ඉදිරිපිට මාර්ගයේ අධික වේගයෙන් යතුරු පැදියක් ධාවනය කළ තරුණයෙකුට ඝාතනයට ලක්ව ඇති මෙම රියදුරා විසින් සෙමෙන් යතුරු පැදිය ධාවනය කරන ලෙස අවවාද කිරීමක් සිදුකර ඇත.

එයට උරණ වූ එම තරුණයා ඔහුගේ නිවසට ගොස් තවත් පිරිසක් සමග පැමිණ මෙලෙස බලශක්ති අමාත්‍යවරයාගේ රියදුරාට පොලු මුගුරුවලින් පහර දී තියුණු ආයුධයකින් ඇන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

බරපතළ තුවාල ලද රියදුරා පිලියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව වාර්තා වෙයි.

ඝාතනයට සම්බන්ධ පිරිස් සොයා පොලිසියේ ඊයේ (21) රාත්‍රී එම ප්‍රදේශයේ නිවෙස් කීපයකට ගියද ඔවුන් ප්‍රදේශය හැර පළාගොස් ඇති බව වාර්තා වෙයි.

කැස්බෑව පොලිසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්