ඉන්ධන සැපයීම ලීටර් 20ට සීමා කරයි… හමුදාවත් යොදවයි…

ඉන්ධන සැපයීම ලීටර් 20ට සීමා කරයි… හමුදාවත් යොදවයි…

කණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වලින් බූලිවලට නිකුත්කරනු ලබන ඉන්ධන ප්‍රමාණය ලීටර් 20ට සීමා කර එය ආවරණය කිරීම සඳහා ත්‍රිවිද හමුදාව යොදවා තිබේ.

මෙයට අදාල චක්‍රලේකය ඊයේ (21) සවස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා විසින් ත්‍රිවිධ හමුදාවට නිකුත් කර ඇත. එම චක්‍රලේකයේ 03 ඈ වගන්තිය යටතේ බැරල්, බූලි ඇතුළු අමතර බාජන සඳහා නිකුත් කරන ඉන්දන ප්‍රමාණය ලීටර් 20ට සීමා කර ඇත.

ඊට අමතරව මෙම පිරවුම්හල්වල දෛණික නිරීක්ෂණ වාර්තා ලබාදීමටද ත්‍රිවිධ හමුදාවට නියෝග කර තිබේ. මෙම සීමා කිරීම නිසා විදුලි ජනක යන්ත්‍ර, ගොයම් මැඩීමේ යන්ත්‍ර, වීමෝල්, ජල පොම්ප ඇතුළු ඉන්ධන වලින් ක්‍රියාකරණ යන්ත්‍ර සූත්‍ර සහ කර්මාන්තවලට බලවත් පහරක් එල්ල වී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්