ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සාහිත්‍ය අනුකමිටුව මගින් වාර්ෂිකව පවත්වන දහදිය සිත්තම කලා උළෙලේ කෙටි නාට්‍ය උත්සවය ඔක්තෝබර් මස 03 දින සවස 2.30 ට මරදාන ටවර් රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී කෙටිනාට්‍ය 6 ක් ප‍්‍රදර්ශනය කෙරුණු අතර කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වී සිටියහ.
මෙම කලා උළෙලෙහි සමාප්ති උළෙල ඔක්තෝබර් 27 වන දින කොළඹ ජාතික මහජන පුස්තකාල පරිස්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහිදි ජයග්‍රාහී නිර්මාණ සදහා ත්‍යාග හා සම්මාන පිරිනැමීමට ද කටයුතු යොදා ඇති බව එම මධ්‍යස්ථානය පවසයි.
10









