තවත් පුදුමයක් ලොවට එක්කරමින් චීනය ලොව දිගම පාලම හිමිකරගනී

නැගෙනහිර චීනයේ ක්වින්ඩාඕ සිට හුඇංඩාඕ දක්වා වන සැතපුම් 26.4 දිගැති ජිආඕෂු පාලම විවෘත විය.

ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 1790 ක් වැයවූ මේ පාලම හැදීමට වසර හතරක් ගත විය. මුහුද මැදින් වැටී ඇති මේ පාලමේ දැවැන්ත කොන්ක්‍රීට් කළුනු 5000 කි. පළල අඩි 110 කි. මංතීරු තුනකි. මෙතෙක් ලොව දිගම පාලම වූ ඇමෙරිකාවේ ලුසියානාවේ පාලමට වඩා සැතපුම් තුනක් දිගය. තේම්ස් නදියේ ලන්ඩන් ටවර් පාලමට වඩා 174 ගුණයක් දික්වූ චීන පාලමේ ඉදිකිරීම් දෙපැත්තෙන්ම සිදු විය.

පසුගිය දෙසැම්බර් 22 වැනිදා දෙපිරිස එක්වූහ. රිච්ටර් මාපකයේ 8.0 ක ප්‍රභල භූමිකම්පාවලට පවා ඔරොත්තු දෙන ආකාරයෙන් පාලම ඉදිකර ඇත.

පාලමේ යටින් උමං මාර්ගයක් ද ඇත. කොමියුනිස්ට් චීනය මේම පාලම හා උමග සලකන්නේ ඉංජිනේරු ශිල්පයේ නව වික්‍රමයක් ලෙසයි.

 

Facebook
Twitter
LinkedIn