අද (05) රාත්‍රියේ සිට පැය 14ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ 7, 8, 10, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට අද රාත්‍රී 08.00 සිට හෙට (06) පෙරවරු 10.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.
කොළඹ 2, 3, සහ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
මේ වනවිට රට තුළ ඉන්ධන හිගයක් හටගෙන ඇති අතර බොහෝ ප්‍රදේශයල ජනතාව දින ගණන් ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල බලා සිටින අයුරු දක්නට ලබේ. දිනකට පැය 08කට ආසන්න විදුලි කප්පාදුවකුත් මේ දිනවල සිදුකරමින් පවතී. එවන් තත්වයක් තුළ ජල සැපයුමද මෙලෙස කප්පාදු කරන විට ජනතාව තව තවත් පීඩාවට පත්වේ.
1










