දැනට මියගොස් සිටින මැති ඇමැතිවරුන් 25 දෙනෙකු ජීවතුන් අතර සිටියදී සිය නිල නිවාස සහ පෞද්ගලික නිවාස සඳහා ලබාගත් ජලය වෙනුවෙන් ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයට රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවා නැතැයි වාර්තා වේ.
මේ පිරිස මියගොස් සිටින හෙයින් එම මුදල ඒ අයගේ පවුල්වල සාමාජිකයන්ගෙන් අයකර ගැනීම ගැටළුකාරීවී ඇතැයිද ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩල ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ තත්වය යටතේ එම හිඟ මුදල අයකර ගැනීම අත්හැර දැමීමට බොහෝ දුරට සිදුවනු ඇතැයි ඒ ආරංචි මාර්ග සඳහන් කරයි.
සිය නිල නිවාස සහ පෞද්ගලික නිවාස සඳහා ලබාගත් ජලය වෙනුවෙන් එම හිඟ මුදල් ගෙවන ලෙස ඒ මැති ඇමැතිවරු ජීවතුන් අතර සිටියදී නොයෙක් වර ඉල්ලීම් කර ඇතත් ගෙවීම් කර නොතිබූ බව දැනගන්නට ඇත.
0










