ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (03) රැස් වී ඇති අතර එහිදී ඉන්ධන මිල සහ විදුලි මිල වැඩි කිරීම බදු වැඩි කිරීම රාජ්‍ය සම්පත් විකිණීම ඇතුළු තීරණ රැසක් ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවට යෝජනා කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්ඩුවට මෙම යෝජනා ඉදිරිපත් කර තිබෙන්නේ මේ වසරේ දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් කරමිණි.
වත්මන් ආර්ථික අර්බුදවලින් ගොඩ ඒමට ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කර ඇති යෝජනාවලට සහාය වීම සඳහා ආණ්ඩුව ඒකාබද්ධ ක්‍රියාමාර්ග කඩිනමින් අනුගමණය කළ යුතු බවත් ඒ අනුව රජයේ ආර්ථික හා මූල්‍ය උපදේශක ලෙස පහත කරුණු සලකා බලන්නැයි මහ බැංකුව ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ.
අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ආනයන සීමා කිරීම, ඉන්ධන මිල සහ විදුලි ගාස්තු වැඩි කිරීම, විදෙස් ප්‍රේෂණ සහ ආයෝජන තවදුරටත් දිරිගැන්වීම, පුනර්ජනනීය බලශක්තිය කරා කඩිනමින් යොමු වීම, බලශක්ති සංරක්ෂණ ක්‍රියාමාර්ග ගැනීම, තිරසර පදනමක් මත සුදුසු බදු වැඩි කිරීම සහ රජයේ ආදායම් ඉහළ නැංවීම, කඩිනමින් විදේශ මූල්‍ය සහාය සහ ණය නොවන විදේශ විනිමය ලබාගැනීම, උපායමාර්ගික නොවන සහ ඌන උපයෝගී වත්මක් කඩිනමින් අලෙවි කිරීම සහ අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ප්‍රාග්ධන ව්‍යාපෘති කල් දැමීම එම ප්‍රධාන යෝජනා අතර වෙයි.
මහ බැංකුව මෙම යෝජනා ඉදිරිපත්කිරීමට පෙර ඌන උපයෝගී වත්කම් අලෙවි කිරීම සඳහා සෙලෙන්දිවා සමාගම පිහිටුවා ඒ මගින් විකිනීමට නියමිත රජයේ ඉඩම් සහ දේපළ සම්බන්ධයෙන් ලයිස්තුවක්ද සකද් කර තිබේ.










