“අපේ වගා බිම් ඩෝසර් කරනවා, අපේ ජීවත්වීමේ අයිතිවාසිකම් රැක දෙන්න” වෙල්ලස්සේ ගොවියෝ කොළඹ දී කියයි

“අපේ වගා බිම් ඩෝසර් කරනවා, අපේ ජීවත්වීමේ අයිතිවාසිකම් රැක දෙන්න” වෙල්ලස්සේ ගොවියෝ කොළඹ දී කියයි

රාජපක්ෂ ආණ්ඩුව විසින් ඌව වෙල්ලස්ස බින්තැන්නේ අක්කර 65,000ක් බහුජාතික සමාගමට පවරාදීමත් සමඟ තම වගා බිම් ඩෝසර් කර නිවාස පැල්පත් ඩෝසර් කර ගොවින් තම නිජ භූමියෙන් පන්නා දමමින්, ගොවීන්ට එරෙහිව පොලිසිය මෙහෙයවා ගොවීන් අත්අඩංගුවට ගෙන මේ වනවිට උසාවිවල නඩු දමමින් පීඩා කරමින් තිබේ.

තමන්ගේ ජීවනෝපාය අහිමි කරමින් තමන්ට උරුම ප්‍රධානම වස්තුව වූ ඉඩම පැහැරගැනීම තුළ ඉතිරිව තිබෙන මූලිකම මානව අයිතිවාසිකමක් අද රජය සහ බහුජාතික සමාගමක් විසින් පැහැර ගැනීම වලක්වා දෙන ලෙස ඉල්ලමින් ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණේ නායකත්වයෙන් ගොවි ජනතාව විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අද (04) දින පෙත්සම් දෙකක් භාර දෙන ලදී.

මෙම අවස්ථාවට ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය දොඩංගොල්ලේ සෝරත හිමි හා විදුහල්පති පූජ්‍ය අළුකැටියාවේ ශීලවංස හිමිද නීතිඥ චරිත් ගල්හේන, ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණේ සභාපති නීතිඥ සරත් කුමාර හා මීට සහය දක්වන පරිසර සංවිධාන, සිවිල් සංවිධාන ගණනාවක නියෝජිතයෝ සහභාගි වූහ.

පරිසර යුක්ති කේන්ද්‍රය – ජනක විතානගේ, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය – චින්තක රාජපක්ෂ, ඉඩම් අයිතිය සඳහා වන ජනතා සංධානය – Natasha Van – Hoff, Marisa Silva, විරෝධයේ අයිතිය වෙනුවෙන්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය – උදය කළුපතිරණ යන මහත්ම මහත්මීන් සහභාගී වීම විශේෂත්වයකි.

Facebook
Twitter
LinkedIn