ගෑස් හිඟයකුත් අත ලඟ

ගෑස් හිඟයකුත් අත ලඟ

ගෑස් ආනයනය කිරීමට ඩොලර් නොමැතිවීම නිසා ලබන සතිය වනවිට රට පුරාම දැඩි ගෑස් හිඟයක් ඇති වීමේ අවදානමක් ඇති බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය පවසයි.

ලාෆ් සමාගම සාමාන්‍යයෙන් දිනකට ගෑස් සිලින්ඩර 40,000ක් පමණ වෙළෙඳපොලට සැපයුවද ඊයේ වනවිට එම සංඛ්‍යාව 2000ක් දක්වා අඩුවී ඇති බවත් ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා ගෑස් ආනයනය කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් ඔහු සඳහන් කරයි.

මෙම තත්වය හේතුවෙන් ඉදිරියේදී ගෑස් හිඟයක් සහ ගෑස් ප්‍රතිඅපනයෙන් රටට ලැබෙන විදේශ විනියමද අහිමිවන බවත් මෙම තත්වය සම්බන්ධයෙන් මීට පෙර මුදල් අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් දැනුවත් කළ බවත් ඔහු සඳහන් කරයි.

ගෑස් ආනයනයට සාමාන්‍ය කාලයකදී සිය සමාගමට මසකට ඩොලර් මිලියන 15ත් 20ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය බවත් ලෝක වෙළෙඳපොලේ ගෑස් මෙට්‍රික්ටොන් එකක මිල ඩොලර් 135කින් අනිපේක්‍ෂිත ලෙස ඉහළ යෑම නිසා තත්වය තවත් බරපතල වී ඇති බවත් ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය වැඩි දුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn