LTTE සම්බන්ධයක් මත පොහොට්ටු සභාපතිවරයෙක් අත්අඩංගුවට

LTTE සම්බන්ධයක් මත පොහොට්ටු සභාපතිවරයෙක් අත්අඩංගුවට

කූට ලේඛන උපයෝගි කරගෙන විදෙස් ගමන් බලපත‍්‍රයක් සකස් කර එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ බිරින්දෑවරු විදෙස් රටවලට රැගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂයට බලය හිමි කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ.

නගර සභාවේ සභාපති ලෙස කටයුතු කරමින් සිටියදී ඔහු නගරාධිපති ලෙස සඳහන් කූට ලේඛනයක් ආගමන විගමන දෙපාර්තුමේන්තුවට ඉදිරිපත් කර අදාළ විදේශ ගමන් බලපත‍්‍රය සකස් කරගෙන තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

මෙම කූට ලේඛනය සකස් කිරීම සඳහා ඔහුට සහාය ලබාදීම හේතුවෙන් ඉකුත් 2021 වසරේ මැයි මාසයේදී නගර සභාවේ එවකට සිටි ලේකම්වරිය මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් වෙනත් ආයතනයකට මාරු කරනු ලැබ ඇත.

Facebook
Twitter
LinkedIn