චීනය දැවැන්ත ලිතියම් නිධියක් සොයා ගනී !

චීනය දැවැන්ත ලිතියම් නිධියක් සොයා ගනී !

මේ දක්වා වෙනත් රටවලින් ආනයනය මත පදනම්ව පමණක් යැපුණු, ලෝකය පුරා පරිගණක, ජංගම දුරකථන, විදුලි මෝටර් රථ සඳහා බැටරි නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යක් ලෙස සැලකෙන ලිතියම් නිධියක් එවරස්ට් කඳු ප්‍රදේශයෙන් සොයාගැනීමට චීන විද්‍යාඥයයින් පිරිසක් සමත් වී ඇත. මෙම ලිතියම් නිධියේ සමස්ථ වටිනාකම තවමත් ඇස්තමේන්තු කර නොමැති බව south china morning post පුවත්පත වාර්තා කර සිටි.

ලෝකයේ ලිතුයුම් අමුද්‍රව්‍ය යොදාගෙන බැටරි නිෂ්පාදනය කරන ප්‍රධානතම රාජ්‍යය වනුයේද චීනය වේ. චීනයේ මීට පෙර ලිතියම් නිධි කීපයක් හමු වූවත් ඒවා රටේ කාර්මික භාණ්ඩ නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් නොවීය. එම නිසා චීනයට අවශ්‍ය ලිතුයම් හිඟය පියවා ගනු ලැබුවේ ඕස්ට්‍රේලියාවෙන් හා දකුණු ඇමරිකාවේ රටවල් වලිනි. පසුගිය කාලයේ චීන සමාගමක් විසින් චිලියේ ලිතියම් ගවේෂණය සඳහා අත්සන් කරනු ලැබූ ගිවිසුමක් චිලියේ නව සමාජවාදී රජයේ ජනාධිපති Gabriel Boric විසින්ද ඉතා දැඩි ලෙස විවේචනය කරන ලද්දේ අදාළ ගවේෂණයන් විසන් සිදු කරන පරිසර හානිය පෙන්වා දෙමිනි.

මෙම නව සොයාගැනීම විසින් චීනයේ ලිතියම් අවශ්‍යතාවය සම්පුර්ණ කරනු ඇතැයි අපේක්‍ෂා කරනු ලබයි. මෙම නිධිය තුල මිලියනයකට අධික ලෝපස් ප්‍රමාණයක් ඇති බව අදාළ පරීක්ෂක කණ්ඩායම සඳහන් කරනු ලබයි. ලිතියම් ගවේෂණය ඉතාමත් අසීරු කර්තව්‍යයක් ලෙස සැලකෙනුයේ ඒවා පොළොව මට්ටමෙන් ඉතා පහල තලයක හෝ ලංවීමට ඉතාමත් අපහසු තැන්වල පිහිටා තිබීමත් අදාළ කැනීම් විසින් දැඩි පරිසර හානියක් සිදු කිරීම නිසාවෙන් පරිසරවේදීන්ගේ දැඩි විවේචනයට ලක් වීමත් නිසාවෙනි.

විශේෂයෙන් පොලවේ ස්වභාවික ජල පද්ධති සිඳී යාමට හා ජෛව විවිධත්වය විනාශවීමට ලක්වීම මෙම කර්මාන්තයේදී සිදුවන අතුරු ප්‍රථිපල ලෙස පරිසරවේදීන් හඳුනාගෙන ඇත. එම නිසා ලිතියම් ගවේෂණ සිදුකරන බහු ජාතික සමාගම්වලට එරෙහිව ජනතා විරෝධය මේ වන විට ලොව පුරා ඉහල යමින් පවතී. පසුගිය වසරේදී ලෝකයේ ලිතියම් ඉල්ලුම 400%කින් ඉහල ගොස් ඇති අතර 2040 වන විට මෙම ඉල්ලුම 4000%කින් ඉහල යාමට ඉඩ ඇති බව ලෝක බලශක්ති ඒජන්සිය(The International Energy Agency) තම නවතම වාර්තාවක් මගින්ද පෙන්වා දේ.

Facebook
Twitter
LinkedIn