තෙල් පෝලිමට හිරවුණු බේබි ශානිකා

තෙල් පෝලිමට හිරවුණු බේබි ශානිකා

මේ වනවිට රට තුළ පවතින ඉන්ධන හිගය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබෙන අතර ජනප්‍රිය ගායිකාවක් වන ශානිකා වනිගසේකර (බේබි ශානිකා)ද ඉන්ධන ලබාගැනීම සඳහා මෙලෙස අද (23) දිගු පෝලිමක රැඳීසිටිනු දක්නට ලැබිණි.

ඇය මීගමුව ඔරලෝසු කණුව අසල ඉන්ධන පිරවුම්හල අසළ ඉන්ධන පෝලිමේ මෙලෙස රැඳී සිටි අතර එහිදී ඇය මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ “ෂෝවලට යන්න ඉතින් තෙල් ටික ගහගන්න එපැයි. අපිට වෙච්ච දෙයක්. පෝලිම පන්නගන්න බැහැ. හරිම අමාරුයි. මෙහෙම දෙයක් නම් වෙයි කියලා කවදාවත් අපි හිතුවේ නැහැ. බොහොම සතුටුයි ඉතින්. එක කොට්ඨාසයක් ඉන්නවා. මේවා පේන්නෙ නැති. ඒ අය තීරණය කරන දේවල් එක්ක තමයි මේ රටේ අනාගතය තීරණය වෙන්නේ.” යනුවෙනි.

මේ අතර ජනතාව චෝදනා කරන්නේ ඉන්ධන නොමැතිවීමෙන් සහ ඉන්ධන පිරවුම් හල් අසළ දිගු පෝලිම්වල රැඳීසිටීමෙන් සිය දෛනික කටයුතු සිදුකර ගැනීමට නොහැකි තත්වයක් මතුවී ඇති බවය.

Facebook
Twitter
LinkedIn