රටේ ඩීසල් හිඟයක් ඇතැයි තමන් පිළිගන්නා බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවේදී අද (23) පිළිගෙන තිබේ.
ඔහු මේ බව පිළිගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු විසින් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
නැවකින් ඩීසල් ගොඩබෑම සිදුවෙමින් පවතින බවත් පෙට්‍රල් නැවක් මුහුද මැද නැංගුරම්ලා ඇති බවත් ඇමතිවරයා එහිදී සඳහන් කර ඇත.
ඒ නැවටද මුදල් ලබාදෙන බව මුදල් ලේකම්වරයා පැවසුවේ යැයි ඇමති උදය ගම්මන්පිල අනාවරණය කරයි.
යුදමය වාතාවරණය නිසා ඉන්ධන බැරලයක මිල ඩොලර් සියයක් දක්වා ඉහළ නැග ඇතැයිද එම මිල මාර්තු වනවිට 115දක්වා තවදුරටත් ඉහළ යනු ඇතැයිද ඉන්ධන ණයට ලබාගැනීමට රාජ්‍යයන් කිහිපයක් සමග සාකච්ඡා කරගෙන යන බවද ඔහු පැවසීය.
ඉන්ධන ගෙන්වීමට සංස්ථාව මාසයකට ඩොලර් මිලියන 500ක මුදලක් වැය කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
1










