ඩෙංගු වෛරසයේ සැලකියයුතු වෙනසක්

ඩෙංගු වෛරසයේ සැලකියයුතු වෙනසක්

මේ වනවිට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බවත් එයට හේතුව ඩෙංගු වෛරස කාණ්ඩවල සිදුව ඇති සැලකියයුතු වෙනසක් යැයි අනුමාන කෙරෙන බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ වනවිට ඩෙංගු රෝග ලක්ෂණ පෙන්වන කාල පරාසයේ වෙනසක්ද සිදුව ඇති බව එම ඒකකය සඳහන් කරයි.

වසරේ මේ දක්වා ගත වූ මාස 02කට ආසන්න කාලය තුළ පමණක් මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 10,000කට ආසන්නය.

ඉන් 50% ඉක්ම වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වන බවත්. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය අනාවරණය කරයි. එමෙන්ම කළුතර, ගම්පහ, පුත්තලම, ගාල්ල, රත්නපුර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කයන් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන දිස්ත්‍රික්කයන් බවද ඔවුන් අනාවරණය කරයි.

Facebook
Twitter
LinkedIn