නිධන්ගත රෝගීන් ඔමික්‍රෝන් ගැන සැලකිලිමත් විය යුතුයි

නිධන්ගත රෝගීන් ඔමික්‍රෝන් ගැන සැලකිලිමත් විය යුතුයි

නිධන්ගත රෝග සහ වෙනත් සංකූලතා පවතින රෝගීන් ඔමික්‍රෝන් වෛරස් ප්‍ර‍භේදය පිළිබඳ සැලකිලිමත් විය යුතු බව පවුල් සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසයි.

ඇය ප්‍රකාශ කළේ මේ වනවිට බොහෝ පවුල්වල සාමාජිකයින් එක් අයෙකුට වැඩි සංඛ්‍යාවකට ඔමික්‍රෝන් වෛරසය ආසාදනය වී ඇති බවය.

“පවුලේ එක් සාමාජිකයෙක් නොවන පවුලේ බොහෝ සාමාජිකයින් මේ වනවිට රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් සිටින බව පැහැදිලිවම පෙන්නුම් කරමින් සිටිනවා.

ඔමික්‍රෝන් රෝගයේ රෝග ලක්ෂණ ඉතාම පීඩාකාරී නොව නිසා සංකූලතා සහ නිධන්ගත රෝග තිබෙන රෝගීන් පවා නිවෙස්වලට වෙලා සිටින බවට අපිට පැහැදිලි තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. එය ඇත්තටම ඉතාමත්ම භායානක තත්වයක්. මොකද රෝගයේ රෝග ලක්ෂණ අවමව පැවතියත් නිධන්ගත රෝගවලින් පෙළෙන අයට විශේෂයෙන් බූස්ටර් මාත්‍රාව නොගත් රෝගීන් හට ඉතාමත්ම දරුණු සංකූලතාවලින් අවදානමට ලක් වෙන්න පුළුවන්. එවැනි රෝගීන් සිටීනම් රෝග ලක්ෂණ පහළ වනවිටම ඔබ වෛද්‍යවරයෙක් වෙත යොමු වීම අත්‍යවශ්‍ය බව සලකලා කටයුතු කරන්න.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්