
යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය සිය අඟහරු ගවේෂණ වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා රුසියාවේ සහය ලබා ගැනීමට සූදානම්වන බව නොනිල වාර්තා පළකරයි.
ඊට හේතුවි ඇත්තේ මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳ ගැටලු හේතුවෙන් අමෙරිකාව වැඩසටහනෙන් ඉවත්වීමට තීරණය කිරීමයි.
යෝජිත යුරෝපා අමෙරිකා ඒකාබද්ධ අඟහරු ගවේෂණ වැඩසටහන මේ හේතුව මත බිඳවැටීමේ අවදානමක් මතුව තිබේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අමෙරිකාව තවමත් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
වසර 2016දී ආරම්භ කිරීමට යෝජිත යුරෝපා අඟහරු ගවේෂණ වැඩසටහන යටතේ වසර 2018 වන විට රෝවර් රථයකින් අඟහරු ග්‍රහයා මතුපිටට යවා එහි පස නිරීක්ෂණයට අපේක්ෂිතයි.
1









