කොරෝනා පැණිය හැදූ ධම්මිකගේ මල්ලිත් කොරෝනා ආසාදනයෙන් මරණයට

කොරෝනා පැණිය හැදූ ධම්මිකගේ මල්ලිත් කොරෝනා ආසාදනයෙන් මරණයට

කොවිඩ් – 19 නිට්ටාවටම සුව කළ හැකි බවත් පැණිය පාලනය කළ අයට කොවිඩ් නොවැළෙඳන බවත් සඳහන් කරමින් ධම්මික පැණිය නමින් පානයක් සකස් කළ කෑගල්ලේ උඩුමාගම ධම්මික බංඩාරගේ බාල සහොදරයා කෝවිඩ් වෛරසයෙන් මිය ගොස් ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.

ඔහු කෑගල්ල හෙට්ටිමුල්ල මාකූර ගනේගොඩතැන්නේ පදිංචිව සිටි අප්පුකුට්ටි කංකානමලාගේ හීන් බංඩා නැමැති 58 හැවිරිදි තිදරු පියකු බවද පොලිසිය කියයි.

පිළිකා රෝගයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 12 වැනිදා රාත්‍රි නිවසේ දී ජීවිතක්ෂයට පත්ව ඇති අතර පසුව කෑගල්ල මහ රෝහලේ දී දේහය සම්බන්ධයෙන් කරන ලද රැපික් ඇන්ටිජන් පරීක්ෂණයකින් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඔහුගේ අවසන් කටයුතු කොරෝනා සෞඛ්‍ය නීතිරීති අනුව කෑගල්ල ආදාහණාගාරයේ දී කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්