බදුල්ල දෙමළ බාළිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි භවානි රඝුනාදන් මහත්මිය දණ ගැස්සීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි ඌව හිටපු ප්‍රධාන ඇමති වත්මන් පාර්ලිමේන්තුවේ පොහොට්ටු පක්ෂ මන්ත්‍රී චාමර සම්පත් දසනායක නිදොස් කොට නිදහස් කරන්නැයි බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස අද (15) නියෝග කර තිබේ.
සමාථ මණඩලයේදි ඇති වී තිබෙන සමථය අනුව චූදිත මන්ත්‍රීවරයා නිදොස් කොට නිදහස් කරන බව මහේස්ත්‍රාත්වරයා දන්වා ඇත.
බදුල්ල දෙමළ බාළිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි භවානි රඝුනාදන් මහත්මියගේ පැමිනිල්ලක් මත මෙම නඩුව පවරා තිබිණි.
නීතිපති උපදෙස් මත මෙම නඩුව සමථමණ්ඩලයට යොමුකිරීමට මහේස්ත්‍රාත්වරයා ඉකුත්දා නියෝග කර තිබිණි.
ඒ අනුව බදුල්ල සමථ මණ්ඩලය කැදවූ අවස්ථාවේ දෙපාර්ශවයේ එකගතාව මත සමථයකට පත් වී ඇත.
භවානි රඝුනාදන් විදුහල්පතිව අධිකරයට පැමිණ සිටියේ නැත.
Views: 0










