ලන්සා අමාත්‍යංශ ලේකම් සමග ගැටුමක… පුද්ගලික කාර්යමණ්ඩලයත් ඉවත් කරයි…

ලන්සා අමාත්‍යංශ ලේකම් සමග ගැටුමක… පුද්ගලික කාර්යමණ්ඩලයත් ඉවත් කරයි…

ග්‍රාමීය මාර්ග රාජ්‍ය ඇමති නිමල් ලන්සා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට අමාත්‍ය කාර්යාලයෙන් ඉවත්වන ලෙස දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය ඇමතිවරයා තම පෞද්ගලික කාර්යමණ්ඩලය ඉවත් කර ගැනීමට තීරණය කර ඇත්තේ එම අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ ඇති කරගත් මත ගැටුමක් හේතුයෙන් යැයිද එම ආරංචි මාර්ගවලින් පැවසේ.

අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා රාජ්‍ය ඇමති නිමල් ලන්සා හෙට (16) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට නියමිතව තිබූ බවත් ජනාධිපතිවරයා අද (15) දිනයේ දීම හමුවන ලෙස ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් රාජ්‍ය ඇමති නිමල් ලන්සාට අද දුරකතනයෙන් දැනුම් දී ඇති බවත් පැවසේ.

ලංකාදීප

Facebook
Twitter
LinkedIn