බට නඩුවේ කෙහෙළිත් නිදහස් කරයි

බට නඩුවේ කෙහෙළිත් නිදහස් කරයි

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ මුදලින් GI බට 600ක් මිලදීගෙන රුපියල් නව ලක්ෂ අනූදහසක (රු.990,000) මුදලක් ආණ්ඩුවට පාඩුකර අල්ලස් පනතේ ‘දූෂණය’ නම් වරද සිදුකළැයි චෝදනා ලැබ සිටි, හිටපු ජනමාධ්‍ය අමාත්‍ය වත්මන් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනෙකු එම අල්ලස් නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල අද (15) නියෝග කර තිබේ.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කර ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 186 වගන්ති ප්‍රකාරව නැවත නඩු පැවරීමේ කොන්දේසිය මත මෙම නඩුවලින් චූදිතයන් නිදහස් කරන ලෙසට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.

ඒ අනුව, මෙලෙස නිදහස් වූයේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට අමතරව රූපවාහිණී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දෙල්වක්කඩ ලියනගේ චන්ද්‍රපාල සහ රූපවාහිණී සංස්ථාවේ හිටපු සභාපති විමලසේන රූබසිංහ යන දෙදෙනාය.

Facebook
Twitter
LinkedIn