ඊයේ (14) පානදුරේදී සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක ගමගේ අත්අඩංගුවට ගැනීම ඇතුළු පසුගිය කාලයේ සිදුවූ ප්රජාතන්ත්රවාදය, නීතිය පසෙඳලීම ඇතුළු සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ජාතික ජන බලවේගයේ නීතීඥයින් විසින් අද (15) පස්වරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත්විණි.
එහිදී පසුගිය ජනවාරි 30 වනදා ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට බිත්තර ප්‍රහාරය එල්ල කිරීම, ෂෙහාන් මාලක ගමගේ අත්අඩංගුවට ගැනීම, ලේඛකයෙකු, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන මනෝරම වීරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම, මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල කළ ප්‍රහාරය ඇතුළු කරුණු පිළිබඳ එහිදී ජාතික ජන බලවේගයේ නීතීඥයින් සිය අදහස් දැක්වීය.
එම මාධ්‍ය හමුව සඳහා නීතීඥයින්වන සුනිල් වටගල, හර්ෂ නානායක්කාර සහ උපුල් කුමාරප්පෙරුම එක්වී සිටියහ.










