සැරියුත්, මුගලන් දෙනමට අග්‍රශාවක තනතුරු පිරිනැමීම ඇතුළු ශාසන ඉතිහාසයේ සුවිශේසී කරුණු රැසක් සිදු වූ නවම්පුර පසලොස්වක පෝය දිනය අදට (16) යෙදී ඇත.
ප්‍රථම සංඝ සන්නිපාතය සිදුවීම, ඕවාද ප්රාතිමෝක්ෂය මහා සංඝයාට දේශනා කිරීම, බුදුහිමි පිරිනිවන් පෑමට තෙමසකට පෙර ආයු සංස්කාරය අතහැරීමට ඉටා ගැනීම බුදු හිමියන් විසින් ප්‍රකාශයට පත්කිරීම යන කරුණු ඒ සමඟ බැඳී ඇත.
උඳුවප්, දුරුතු යන මාස ප්‍රධානව එළැඹි සිටි ශීත සෘතුව ගෙවී යද්දී එළැඹෙන හේමන්ත සෘතුව පසළොස්වක පෝය හෙවත් නවම් මාසේ පෝය උදාවත්ම බුද්ධ චරිතය හා බැඳුණු වැදගත් කාරණා රාශියක්ම සිතට නැඟෙන්නේ නිරායාසයෙනි.
නවම් පොහොය දිනයේදී ශාසනික සිදුවීම් සිදුවූ වැදගත් ස්ථාන අතරින් රජගහ නුවර වේළුවනාරාමය ප්‍රධාන ය. එයට හේතුව ප්‍රථම මහා සංඝ සන්නිපාතය එහි පැවැත්වීමයි. උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිල භික්ෂූන් ප්‍රධාන දහසක් භික්ෂූන්ද, සැරියුත්, මුගලන් දෙනම මෙම ප්‍රථම මහා සංඝ සන්නිපාතයට සහභාගිවූහ.
එක්දහස් දෙසිය පනහක් මහා රහතන් වහන්සේ මැද වැඩ සිටි තථාගත බුදු පියාණන් වහන්සේ ධර්ම සේණාධිපති සාරිපුත්ත හා මහාර්ධිලාභී මුගලන් දෙනම පිළිවෙලින් දකුණත් සවු සහ වමත්සවු තනතුරුවලට පත්කරන ලදී.
සංඝ ශාසනයේ ජ්‍යෙෂ්ඨ හිමිවරු කීප නමක්ම සිටියදී, ජ්‍යේෂ්ඨත්වයක් නැති සැරියුත්-මුගලන් දෙනමට අග්‍ර ශ්‍රාවක තනතුරු ලබාදීම පිළිබඳ භික්ෂූන් අතර විවිධ කතා ඇති විය. බුදු දහමේ වැදගත් ප්රජාතන්ත්රවාද ලක්ෂණයක් නම්, කිසියම් සැකයක් ඇතිවූ විටත් ඒ ගැන ප්‍රශ්න කරන්නට ඇති අයිතියයි. බුදුන් වහන්සේ කරුනු පැහැදිලි කරමින් දෙසා වදාළේ.










