ඉන්දීය ඔයිල් සමාගම (IOC) කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ඉන්ධන මිල වැඩි කිරීමට සමගාමීව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටද මිල ඉහළ දැමීම පිළිබඳ තීරණය කිරීමට සිදුවන බව ආණ්ඩුව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.
මෙම ප්‍රකාශය කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ඊයේ (08) පැවති මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා කර තිබිණි. ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඛනිජ තෙල් සංස්ථාවේ මිල වැඩි කිරීම පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා නොකළ බවය.
එහෙත් ඉන්දීය සමාගමේ හිතුවක්කාරී මිල වැඩි කිරීම් අනුව මෙරට සමස්ත ඛනිජ තෙල් වෙළඳපොළ මෙහෙයවන බව ඇමතිවරයා පිළිගෙන තිබිණි. ඇමතිවරයා මේ බව පිළිගෙන ඇත්තේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
Views: 0









