ආණ්ඩු පක්ෂයේ මන්ත්රී කණ්ඩායම රැස්වන අවස්ථාවලදී විශේෂ බලයක් සහිතව ක්රියාකරන කණ්ඩායමක් තවත් තවත් බලවත් වෙමින් සිටින බව හෙළිවේ.
ඊයේ (07) අරලිය ගහ මන්දිරයේදී පැවති ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තත්වය වඩාත් තහවුරු වී ඇත. රට තුළ පවත්නා අරබුදයන්ගේ සැබෑ තත්වය හෙළිකරන මැති ඇමතිවරුන් හට මෙම මැර පිරිසගෙන් දිගින් දිගටම බලපෑම් එල්ලවන බව අනාවරණය වේ.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සහ බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිට සමීප මැති ඇමතිවරුන් එසේ චන්ඩිකම් පෙන්වන අතර මහින්ද රාජපක්ෂ සමඟ 2006 සිට මේ දක්වා දේශපාලනය කරන පිරිස දැඩි නිහඬතාවයක ගිලී සිටින බවද අනාවරණය වේ.
බැසිල්වාදීන් වන ජයන්ත කැටගොඩ, තිස්ස කුට්ටිආරච්චි, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසක් ද ගෝඨාභයවාදීන් ලෙස සැලකෙන මහින්දානන්ද අලුත්ගමගේ, ජගත් කුමාර ඇතුලු මැති ඇමති පිරිසක් මෙම චන්ඩි කණ්ඩායමේ පෙරමුණ ගෙන සිටින බව අනාවරණය වේ.









