ශර්මිලා සේවයෙන් ඉවත්වෙයි

ශර්මිලා සේවයෙන් ඉවත්වෙයි

සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ එම ධුරයේ කටයුතුවලින් ඉවත් වී තිබේ.

ඇය සඳහන් කරන්නේ කඩාකප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකර අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන තුරු තමා සේවයෙන් ඉවත්වන බවය.

ජනාධිපති ලේකම්වරයාට සහ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඒ බව ලිඛිතව දැනුම් දුන් බවද ඇය සඳහන් කරයි.

එම ලිපිය මගින් ඇය ඉල්ලා ඇත්තේ දින 14ක් ඇතුළත පරීක්ෂණයක් පවත්වා තමා වෙත රාජකාරී කිරීමට හැකි වාතාවරණයක් සාදා දෙන ලෙසය.

එසේ නොමැති වුවහොත් තමා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට කටයුතු කරන බවද එම ලිපියේ ඇය සඳහන් කර තිබේ.

දෙහිවල සත්ත්වෝද්‍යානයේ සේවක පිරිසකගේ අත්තනෝමතික, විනාශකාරී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ ඒ හේතුවෙන් අනෙකුත් සේවකයන්ගේ ආරක්ෂාව සහ සත්ත්වෝද්‍යානයේ සත්වයින්ට ඇතිවී තිබෙන බලපෑම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරමින් තමන් එම ලිපිය යොමු කළ බවද අවසන් වශයෙන් ඇය සඳහන් කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්