වාරියපොළ ප්රාදේශීය සභාවේ මහසභා රැස්වීම කැඳවා තිබූ අවස්තාවේදී ගුටි බැට හුවමාරුවක් සිදුව ඇති අතර එම නිසා මහ සභා රැස්වීම විනාඩි 45කට සීමා වූ බව වාර්තා වේ.
2022 වර්ෂය සඳහා ඉදිරිපත් කරනු ලැබූ අයවැය යෝජනාව දෙවරක් පරාජය වීම හේතුවෙන් සභාපතිවරයාට මහ සභාව කැඳවීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බවට මන්ත්රීවරුන් විරෝධය දක්වා ඇත. විරෝධතාව පළකල මන්ත්රීවරුන් සමග සභාපතිවරයා සමග බහින්බස්වීමක් සිදුව ඇති අතර පසුව මන්ත්රීවරුන් පානීය ජල බෝතල්වලින් පහරදීගෙන ඇත.
අයවැය වාර්තාව දෙවරක් පරාජය වී ඇති බැවින් වත්මන් සභාපතිවරයාට මහ සභාව කැදවීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බවට මන්ත්රීවරුන් 21 දෙනකු විරෝධය දැක්වා ඇති අතර
සභාපති ඩී.එම්.ටී.බී. දිසානායක මහතා කියා සිටියේ අයවැය වාර්තාව දෙවරක් පරාජය වී ඇති අවස්ථාවක සභාව පවත්වාගෙන යාම හෝ සභාපති ධූරයෙන් ඉවත්වීම ආණ්ඩුකාරවරයා දැනුම්දිය යුතුව ඇති බවයි.
නමුත් මේ වනතුරුත් ආණ්ඩුකාරවරයාගෙන් එවැනි මාර්ගෝපදේශනයක් නොලද බැවින් පළාත් පාලන කොමසාරිස්වරයාගේ උපදෙස් මත තමන් මහ සභාව රැස් කළ බවයි.










