හෙට සිට කිරිපිටි මිල වැඩි වෙන හැටි

හෙට සිට කිරිපිටි මිල වැඩි වෙන හැටි

ආනයනික කිරිපිටි මිල හෙට (31) දිනයේ සිට නැවත වරක් ඉහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

කිරි පිටි මිල ඉහළ දමන බවට එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දී ඇති අතර ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 150කින් සහ ග්‍රෑම් 400 කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 60කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක නව මිල රුපියල් 1345ක් සහ ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 540ක් දක්වා ඉහළ යනු ඇත.

Facebook
Twitter
LinkedIn