ශ්‍රි ලංකා ගුවන් හමුදාව සතු සක්‍රිය සේවයෙන් ඉවත් කරන ලද මිග් 27 ප්‍රහාරක ගුවන් යානායක් මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පීඨයේ ගුවන් යානා ඉංජිනේරු අංශය වෙත ප්‍රධානය කර තිබේ.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ විසින් මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිරංජන් ගුණවර්ධන මහතා වෙත එම ප්‍රහාරක යානය නිළ වශයෙන් භාර දිම ඊයේ (20) දිනයේ සිදු කර තිබේ.
මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පිඨයේ ගුවන් යානා ඉංජිනේරු අංශය විසින් ගුවන් හමුදාවෙන් කළ ඉල්ලිමකට අනුව මෙම ප්‍රදානය සිදුව ඇත. මෙමගින් ගුවන් යානා තාක්ෂණ ඉංජිනේරු ශිල්පය හදාරන විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යන කටයුතු නව මගකට යොමු කිරිමට හැකි වන බව මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් මෙහිදි පවසා තිබේ. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ හමුදා ප්‍රධානියකු මොරටුව විශ්ව විද්‍යාලයේ සංචාරය කළ ප්‍රථම අවස්ථාව මෙය වන බවත් ඒ පිළිබඳවද ගුවන් හමුදාපතිතුමන්ට විශේෂ ස්තුතිය පුදකර සිටින බවයි.
ශ්‍රි ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා ඉංජිනේරු තාක්ෂණ ශිල්පීය දැනුම සහ ප්‍රායෝගික දැනුම මොරටුව විශ්වවිද්‍යාලයේ ගුවන් යානා ඉංජිනේරු අංශය සමග හුවමාරු කර ගැනිම සදහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිමද මීට සමගාමීව සිදුව තිබේ. එසේම මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පිඨයේ ගුවන් යානා ඉංජිනේරු අංශය වෙත පර්යේෂණ කටයුතු නිසි ප්‍රමිතියට සිදු කිරිමට අවශ්‍යය විද්‍යාගාරයක් ගොඩ නැගීමට අවශ්‍ය සහාය ගුවන් හමුදාව විසින් ලබා දෙන බවද ගුවන් හමුදාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.












