පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල පාලන මිල අද (21) මධ්‍යම රාත්‍රියේ සිට අතහැර දැමීමට තීරණය කර ඇති අතර ව්‍යාපාරිකයින්ට කැමති ආකාරට ඉදිරියේදී එම නිෂ්පාදන අලෙවි කිරීමේ හැකියාව හෙට සිට හිමිවේ. .
බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරන්නේ නව තීරණය අනුව තම තමන්ගේ ව්‍යාපාරික හැකියාව මත බේකරි හිමියන් අදාළ නිෂ්පාදන වල මිල ගණන් නියම කරනු ඇති බවත් ඇතැම් තැනක අඩුවටත් තවත් තැනක වැඩියටත් එකම නිෂ්පාදනය මින් ඉදිරියට අලෙවි කරනු ඇති බවත් පාරිභෝගික රුචිය හා මිලට ගැනීමේ හැකියාව අනුව ඉදිරියට බේකරි නිෂ්පාදන අලෙවි වනු ඇත.
බේකරි කර්මාන්තයේ යෙදවුම් මිල ඉහළ යාම මත මෙම තීරණය ගත් බව සංගමය තව දුරටත් පවසයි. ඉන්ධන මිල ගෑස්මිල ඉහළයාම හා ආර්ථික ගැටලු මත පාන් ඇතුළු බේකරි නිෂ්පාදන පාලන මිලක් යටතේ තවදුරටත් පවත්වා යාමට නොහැකි බව බේකරි හිමියන්ගේ සංගමය අද (21)දන්වා සිටියේය.
Views: 0










