ඉන්ධන මිලත් වැඩිවීමත් සමඟ ත්‍රීරෝද රථ ගාස්තුවත් ඉහළට

ඉන්ධන මිලත් වැඩිවීමත් සමඟ ත්‍රීරෝද රථ ගාස්තුවත් ඉහළට

ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් සිය මිල ගණන් ඉහළ නංවා ඇති බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතිය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව පළමු කිලෝමීටරය රුපියල් 80ක උපරිමයකටත් දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 45ක් දක්වාත් වැඩිකිරීමට තීරණය කර ඇත. පික් මී කොළඹ අවට ප්‍රදේශ වල පළමු කිලෝමීටර දෙක තුළ රු. 110ක් ලෙසත්, ඉන්පසු වැඩිවන සෑම කිලෝමීටරයකටම රු. 35ක් ලෙසත් ඌබර් පළමු කිලෝමීටර් දෙකට රු. 120ක් ලෙසත් ඉන්පසු වැඩිවන සෑම කිලෝමීටරයකටම රු. 35ක් ලෙසත් ගාස්තු අයකරන්නට තීරණය කර ඇත.

කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමනු ලැබුවේ මෙසේය…

ඔක්ටේන් 92 ලීටරය රුපියල් 20කින් (නව මිල 177)
ඔක්ටේන් 95 ලීටරය රුපියල් 23කින් (නව මිල 207)
ඔටෝ ඩීසල් ලීටරය රුපියල් 10 කින් (නව මිල 121 )
සුපර් ඩීසල් ලීටරය රුපියල් 15 කින් (නව මිල 159 )
භූමිතෙල් ලීටරය රුපියල් 10 කින් (නව මිල 87 )

Facebook
Twitter
LinkedIn