මේ අතර මීට සතියකට පමණ ඉහතදී තම අමාත්‍ය ධුරය අතහරිමින් රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කරමින් ආණ්ඩුවෙන් ඈත් වූ ජාතික හෙළ උරුමයේ උදය ගම්මන්පිල නැවත ආණ්ඩුවට පැන්නේය. රාජපක්ෂ ආණ්ඩුවේ අඩුපාඩු ගණනාවක් ඇති බව පවසමින් එම පක්ෂය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පළකිරීම සඳහා ගිවිසුමක්ද අත්සන් තැබුවේය. ඒ ආකාරයට පක්ෂයේ මතය පිළිගන්නවා යැයි කියමින් සිටි උදය ගම්මන්පිලට හිටි හැටියේ මහින්ද රාජපක්ෂගේ ‘දෑත් ශක්තිමත් කිරීමට’ මතක් විය. ”උදය ගම්මන්පිලට මහින්දට සහාය දෙන්න ඕන කියලා මීට සතියකට විතර කලින් ඇමතිකම අත්හරිනකොට හිතුණේ නැද්ද? අපිත් එක්ක ආණ්ඩුවෙන් එළියට ඇවිත් ආයෙත් ආණ්ඩුවට යන්න තරම් ලැජ්ජාවක් ඔහුට නැත්නම් ඒක ගම්මන්පිලගේ සාදාචාර ප‍්‍රශ්නයක්. එක අතකට ආණ්ඩුවේම හිටියනම් ලංසුවක් නෑනේ. ඒ නිසා තමයි එළියට ඇවිත් හොඳ ගාණකට ආපහු ආණ්ඩුවට ගියේ.” හෙළ උරුමයේ ප‍්‍රකාශකයෙක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේය.
මේ අතර මහින්ද රාජපක්ෂගේ අනුරාධපුර පැවැත්වූ රැුස්වීමට තෙල් සංස්ථාවෙන් දහසක පමණ පිරිසක් කොළඹ සිට රැුගෙන යන ලදී. එකළොස්වැනි දින පැවැති එම රැුස්වීමට ජනතාව ප‍්‍රවාහනය කිරීම සඳහා අවට ඩිපෝවල සී.ටී.බී. බස්රථ විශාල ප‍්‍රමාණයක් අනුරාධපුරයට රැුගෙන යනු ලැබිණි. මේ හේතුවෙන් අනුරාධපුර කුරුණෑගල අවට ඈත ගම්මානවල සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැඩි අපහසුතාවකට පත්වීමට සිදුවිය. එම සිසු සිසුවියන්ට විකල්ප ප‍්‍රවාහන ක‍්‍රම පාවිච්චි කිරීමට සිදුවිය. බොහෝ දෙනෙක් ති‍්‍රවීල් රථ, යතුරු පැදි සහ පාපැදිවලින් විභාග මධ්‍යස්ථාන කරා ළඟාවන ආකාරය දක්නට ලැබිණී.









