video: මහින්දට මැතිනි මතක් වීම දෛවයේ සරදමක්

ඉතිහාසය අමතක නොවන බව සඳහන් කරමින් බණ්ඩාරණායක මැතිනිය රාජපක්ෂවරුන් දේශපාලනයට ගෙනා බවත් තමා පවුලේ කිසිවකුත් දේශපාලනයට නොගෙන ආ බවත් මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (14) නාවලපිටියේදී කළ ප්‍රකාශය මහජනතාව නොමග යවන්නක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ පෙන්වා දෙති.

විවිධ ආසන සඳහා 1970 දශකයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පත් කිරීමේදී බිම් මට්ටමේ සිට ඉහළට ඒමේ අවස්ථාව තිබෙන බවත් ඒ අනුව බණ්ඩාරනායක මැතිනිය ක්‍රියා කළා මිස තනතුරු ලබා නොදුන් බවත් ඔවුන් ප්‍රකාශ කරති. එහෙත් මහින්ද  රජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසුව ඇමරිකාවේ සිටී ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහතා මෙරටට ගෙන්වා ගනිමින් පවුල් පාලනය ආරම්භ කළේය. මෙම තත්වය වසන් කිරීමට දැන් මහින්ද රාජපක්ෂ මහතා විවිධ කතා ගොතන බවත් පෙන්වා දෙති.

විශේෂයෙන්ම ආර්ථික සංවර්ධන අමාත්‍යංශය අනෙකුත් සියලුම අමාත්‍යංශවලට අත පෙවීමේ ඉඩ කඩ විවෘත කර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මැදිහත් වීම එම සියළු අමාත්‍යංශවලට සෘජුවම කෙරෙමින් ඇමතිවරුන් ඔහු යටතේ තබාගෙන සිටින බවද ඔවුහු පෙන්වා දෙති. මේ නිසා ආණ්ඩුව තුළින්ම එල්ල වී තිබෙන බරපතල විරෝධය සමනය කර ගැනීම සඳහා මෙවැනි නොයෙකුත් කතා කීමට පටන් ගෙන ඇති බව පෙන්වා දෙති.

Facebook
Twitter
LinkedIn