නායකත්වය ගැන ගෝටාබයගෙන් හමුදාවට අපූරු දේශනයක්…

නායකත්වය ගැන ගෝටාබයගෙන් හමුදාවට අපූරු දේශනයක්…

නායකයෙකු ලෙස වර්ධනය කරගතයුතු ගුණාංග පිළිබඳව ජනාධිපතිවරයා ශ්‍රී ලංකා යුධ හමුදාවට අපූරු උපදෙස් කිහිපයක් ලබාදී ඇත.

මෙම උපදෙස් දී ඇත්තේ දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ පැවැති 96 වන විසිර යාමේ පෙළපාළිය පිළිගැනීමෙන් අනතුරුව අද (19) පෙරවරුවේ පැවති උත්සවයේදීය. ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් අඩවියේ එම උපදෙස් පහත දැක්වෙන ආකාරයෙන් සඳහන් කර තිබිණි.

“නායකයෙකු ලෙස ගමන ආරම්භ කරන විට ඔබ යටතේ සිටින සොල්දාදුවන්, සාමාන්‍ය මිනිසුන් මිස සුපිරි මිනිසුන් නොවන බව වටහා ගත යුතුය. එවැනි සාමාන්‍ය මිනිසුන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන ආකාරයෙන් ක්‍රියා කිරීම නායකයෙකුගේ වගකීම බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. වරින් වර පැන නගින පසුබෑම්, බාධක සහ දුෂ්කරතා මධ්‍යයේ වුව ද මිනිසුන්ට කරන තම මෙහෙවර කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

පසුබෑම් ගමන් මගෙහි කොටසක් වන අතර ඒවාට සාර්ථකව මුහුණ දී නිර්භිත තීරණ ගැනීමට නායකයා සමත් විය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබීය.”

Facebook
Twitter
LinkedIn