පැයකට එක බැගින් ගෑස් සම්බන්ධ පිපිරීම්

පැයකට එක බැගින් ගෑස් සම්බන්ධ පිපිරීම්

අද (19) පෙරවරු 6.00න් අවසන් වූ පැය 24 තුළ වාර්තා වන ගෑස් සම්බන්ධ පිපිරීම් අනුව පැයකට එක බැගින් පිපිරීම් සිදුව තිබේ.

ගෑස් සම්බන්ධ පිපිරීමේ සිද්ධීන් 23ක් අද (19) පෙරවරු 6.00න් අවසන් වූ පැය 24 තුළ වාර්තා වී ඇත.

මෙම පිපිරීම් සංඛ්‍යාව පෙර දිනයට වඩා පිරිරීම් එකක වැඩි වීමක් බව පොලිසිය සඳහන් කරයි.

පසුගිය නොවැම්බර් මස 01 සිට මේ දක්වා දින 48ක කාලය තුළ ගෑස් සම්බන්ධ සිද්ධීන් 815ක් පොලිසීයට වාර්තා වී ඇතැයිද පවසයි.

මෙම සිද්ධීන් රට පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවත් එම සිද්ධීන්වලින් 95%ක් පමණ ගෑස් ලිප්වලට සිදුවූ හානි බවත් පොලිසිය කියයි.

Facebook
Twitter
LinkedIn