මුදල් අච්චු ගහන මැෂින් තිබුණ කියලා මහ බැංකුවට හිතෙන හිතෙන හැටියට සල්ලි ගහල දෙන්න බෑ – සුනිල් හඳුන්නෙත්ති

මුදල් අච්චු ගහන මැෂින් තිබුණ කියලා මහ බැංකුවට හිතෙන හිතෙන හැටියට සල්ලි ගහල දෙන්න බෑ – සුනිල් හඳුන්නෙත්ති

ශ්‍රී ලංකාව තුළ මූල්‍ය අර්බුදයක් පවතින මොහොතක මහ බැංකුව සතුව මුදල් අච්චු ගහන මැෂිමක් තිබුණත් එයින් හිතෙන හිතෙන වෙලාවට මුදල් අච්චු ගහලා ආණ්ඩුවට ලබා දීම සිදුකළ නොහැකි බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

“සුන්දර රටක් – ලස්සන ජීවිතයක්” තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කර තිබෙන ‘ගමෙන් පටන්ගමු’ දැනුවත් කිරීමේ වැඩසටහන යටතේ ඊයේ (18) සීදූව ප්‍රදේශයේ පැවති රැස්වීමකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වන සුනිල් හඳුන්නෙත්ති….

“සාමාන්‍ය වෙළඳ පොලේ හාල් මිල විශාල ලෙස ඉහළ ගිහිල්ල තියෙනවා. හෝටල්වලට අද කෑම වේලක් දෙන්න බැරි මට්ටමකට පත්වෙලා. ජුවලරි සාප්පුවේ තියෙන රත්‍රංවලට වඩා එළවළු කඩේ එළවළු මිල ඉහළ ගිහිල්ලා. ලෝකේ වෙනත් රටවලත් අපි මේ තත්වය මීට කලින් දැක්කා. මේක චක්‍රයක්. ඒ අර්බුදය දැන් අපේ රටට ඇවිල්ලා තියෙනවා. කොරෝනා තත්වය මේකට බලපෑවත් කොරෝනා නිසාම ඇති වෙච්ච තත්වයක් නෙවෙයි මේක. ලෝකේ හැම රටකටම කොරෝනා ආවා. හැබැයි එහෙමයි කියලා අපේ රටේ වගේ ගෑස් නල දිගේ ඇවිල්ලා ලිප් පුපුරණ තත්වයකට පත්වෙලා නෑ, මේ තරම් භාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා නෑ. අපේ රටේ ආහාර ප්‍රශ්නයක් ආවේ පොහොර අර්බුදයත් එක්ක. මහ බැංකුවට මුදල් අච්චු ගහන මැෂින් තිබුණ කියලා හිතෙන හිතෙන වෙලාවට සල්ලි අච්චු ගහලා ආණ්ඩුවට දෙන්න බෑ.” යනුවෙන් පැවසීය.

Facebook
Twitter
LinkedIn