අධ්‍යක්ෂකවරියගේ ප්‍රකශයකට දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයින් විරෝධතාවයේ

අධ්‍යක්ෂකවරියගේ ප්‍රකශයකට දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයින් විරෝධතාවයේ

දෙහිවල සත්වෝද්‍යානය භාර අධ්‍යක්ෂක ජෙනරාල්වරිය සිදුකරනු ලැබූ ප්‍රකාශයකට විරෝධය පළකරමින් එම සත්වෝද්‍යානයේ සේවකයින් ඊයේ (18) දිනයේදී පිවිසුම ඉදිරිපිට විරෝධතාවක නිරත වී තිබේ.

මෙම විරෝධතාවය සඳහා දෙහිවල සත්වෝද්‍යානයේ සේවය කරනු ලබන සේවකයින් විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය සේවයේ පරිපාලන අත්දැකීම් සහිත නිලධාරියෙක් අධ්‍යක්ෂක ජෙනරාල් තනතුර සඳහා පත්කරන ලෙසයි. විරෝධතාවය අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක්වූ දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයෙක්….

“මේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අහිංසක සත්තු වෙනුවෙන් වගකියන්න කවුරුත් නෑ. මේ වෙනකොට දෛනිකව සත්තු මිය යනවා. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ මේකට පශුවෛද්‍යවරු උත්තර දෙන්නේ නෑ. මේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමිය සත්වෝද්‍යානය ගැන අබමල් රේණුවක දෙයක් දන්නේ නැතිව ඇවිල්ලා මාස එකහමාරයි. රාජ්‍ය සේවයේ පරිපාලන අත්දැකීම තිබෙන කෙනෙක් පත්කරන්න කියලා පැහැදිලිවම ඉල්ලීම් කරනවා. එතුමිය දිගින් දිගටම කියමින් ඉන්නවා මේ සත්වෝද්‍යානයේ ඉන්නේ කුහක, කම්මැලි සේවකයෝ පිරිසක් කියලා. ඒ ප්‍රකාශයට විරෝධය දැක්වීමක් වශයෙන් තමයි අපි අද පාරට බැහැල මේ විරෝධතාවය දක්වන්නේ.”

Facebook
Twitter
LinkedIn